කොළ පෑනින් ලියන ඇමති නිලධාරියා විගණන පරීක්ෂණයේදී ප්‍රශ්න කෙරේ

ප්‍රධාන පෙළේ ඇමතිවරයෙකුගේ පුද්ගලික සහකාර ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු පසුගිය සතියේ වර්ෂවසාන විගණන පරීක්ෂණයේදී විශේෂ කැඳවීමකට ලක්වුණා. එයට හේතුව වී ඇත්තේ ඔහු කොළ පාට පෑනකින් සටහන් තැබීමේ සිද්ධියකි.

සාමාන්‍ය ය‍ෙන් රජයේ රාජකාරී

කටයුතු වලදී කළු නිල් පෑන් භාවිතයට ගන්නා අතර රතු පෑන් විශේෂ සටහන් සඳහා යොදාගැනේ. කොළ පෑන පාවිච්චියට අවසර ඇත්තේ විගණන පරීක්ෂක වරුන්ට පමණි.
මෙම කොළ පාට පෑන පාවිච්චිකර පුද්ගලික සහකාර ලේකම්වරයා පසුගිය කාලය පුරාම සටහන් තැබීම සිදු කරද්දී ඊට පිළිතුරු සටහන් පවා ඇමතිවරයා නිල් හෝ රතු පෑන් වලින් තබා ඇත්තේ කොළ පැහැය ගැන ගැටලුවක් නැතිව බවද විගණන පරීක්ෂණයේදී අනාවරණය විය.
මේ ගැන සිදු කළ විමසීමේදී පුද්ගලික සහකාර ලේකම්වරයා ලබාදී ඇත්තේ අපූරු පිළිතුරකි. ‘මම කවදත් කොළ - කැපුවත් කොළ මේ පෑන් වීතරයි මං පාවිච්චි කරන්නේ.. ඒකයි එහෙම වුනේ‘ ලෙසිනි.



---------

(බාගෙට ලැබුණ නමුත් ඇත්ත තොරතුරු ඔබටත් කියන්න තිබේ නම් ‘නම් ගම් මනඃ' වෙත පළකරන්නට එවන්න editor@gossiplankanews.com)
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment