බොදුබලේ මඩකලපුවට ගිය ගමන් උණුසුම් තත්ත්වයක් (VIDEO)

බොදුබලේ මඩකලපුවට ගිය ගමන් උණුසුම් තත්ත්වයක් (VIDEO)

බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (03) මඩකලපුව බලා ගමන් කරමින් සිටියදී අධිකරණ නියෝගයක් මත පොලිසිය වාලච්චේන - රිදීතැන්න ප්‍රදේශයේදී ඔවුන්ගේ මඟ හරස් කර ඇතුල්වීමට ඉඩ අවසර ලබා දී නොමැති බව වාර්තාවේ.

එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එම සංවිධානයේ නියෝජිතයින් පැවසුවේ මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ආරාධනාවකට අනුව මඩකලපුව ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු පිළිබඳ සොයා බැලීමට හා රණවිරුවන්ට සෙත්පතා දානමය පිංකමක් සිදු කිරීමට ඔවුන් මඩකලපුවට ගමන් ගන්නා බවයි.

ඊයේ පෙරවරු 11ට පමණ වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව පොලිසිය වාලච්චේන - රිදීතැන්න ප්‍රදේශයේදී ඔවුන්ගේ මඟ හරස් කරනු ලැබීය.

එහිදි පොලිසිය රිදීතැන්න ප්‍රදේශය පසු කරමින් ඔවුන්ට යාමට ඉඩදිය නොහැකි බව පැවසීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ද කැදවා තිබිණි. මේ හේතුවෙන් මඩකලපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය පැය 6 ක් පමණ අවහිර විය.

පසුව පොලිසිය අවසර දීමත් සමග බොදුබල සේනා සංවිධානය මඩකලපුව මංගලාරාම විහාරස්ථානය බලා ගමන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment