119 හෙට අක්‍රිය නොවෙයි

119 හෙට අක්‍රිය නොවෙයි

පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අංකයේ ඇතිව තිබෙන කාර්මික දෝෂ පිළිසකර කිරීම සඳහා හෙට (09) සිදුකිරිමට නියමිතව තිබූ අලුත් වැඩියාව නොවැළැක්විය හැකි හේතුවක් මත සිදු නොවන බව පොලිසිය පවසයි.

ඒ අනුව හෙට අලුයම 4 සිට අලුයම 6 දා දක්වා ක්ෂණික ඇමතුම් අංකය අක්‍රිය වීමට නියමිතව තිබුණත් එය සිදු නොවන බව පොලීසිය සඳහන් කරයි.

නමුත් එදිනට එම නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා අදාළ දුරකථන ආයතනයේ නිලධාරීන්හට පැමිණිය නොහැකි බැවින් එම අලුත්වැඩියා කටයුතු සිදු නොකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකථන ජාලයේ වරින්වර ඇතිවන දෝෂ තත්ත්වයන් මඟ හරවා ගැනීම සඳහා එම අලුත්වැඩියා සිදු කිරීමට නියමිතව තිබුණි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment