'නීතිය හා සාමය' ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ?

'නීතිය හා සාමය' ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ?
මීට පෙර මෙම අමාත්‍යංශය රාජිත සේනාරත්න මහතාට ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වූ අතර එහෙත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු ගෙනයන සාර්ථක වැඩපිළිවෙල අඩාල නොකළ යුතු හෙයින් සේනාරත්න මහතා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසම කටයුතු කළයුතු බවටයි තීරණය කර තිබෙන්නේ.
 
සරත් ෆොන්සේකා මහතා යටතේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ මේ වනවිට අඩපන වී ඇති කටයුතු කාර්යක්ෂමව සිදුකිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා සුදුසම පුද්ගලයා ඔහු බව ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන්ගේ මතය වී තිබේ. ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කිරීමට කාර්යක්ෂමව කටයුතු කළ ආකාරයෙන් මේ වනවිට අඩපන වී ඇති නීතිමය කටයුතු කාර්යක්ෂමව සිදුකරනු ඇති බවට ඔවුන් විශ්වාසය පළකරයි.
 
සාගල රත්නායක මහතා යටතේ පොලීසිය ඇතුළු අමාත්‍යංශයට අයත් විවිධ ආයතනවල අඩුපාඩු රැසක් පැවති අතර බරපතල දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට සහ මාධ්‍යවේදීන් ඇතුලු පුද්ගලයන් රැසකගේ ඝාතනවලට සම්බන්ධ කිසිවෙකුටත් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment