ලොතරැයි මිල යළි රු 20ට බස්සන්න ජනපති තීරණය කරයි

මුදල් ඇමතිවරයාගේ යෝජනාවක් පරිදි පසුගියදා රු 20 සිට 30ට වැඩි කරන්නට නියම වූ ලොතරැයි පත් තමන්ට එම මිලට අලෙවි කරන්නට බැරි යයි පවසා එම අලෙවි කරුවන් වර්ජනයකට ගිය අතර කොමිස් මුදල
ගැන ජනපති පොරොන්දුවක් දීමෙන් පසුව වර්ජනය අතහැර යළි අලෙවිය අරඹා තිබුණි. නමුත් ඔවුන් මුලින් මතු කළ ප්‍රශ්නය ප්‍රායෝගිකවම ඉන්පසුවත් මතුවිය. ඒ රුපියල් 30 නිසා අලෙවිය පහත වැටී වෙනදාට වඩා සියයට 40 කින් ලොතරැයි පත් අලෙවි නොවීම නිසාය.

එ් අනුව ඔවුන් දෙවැනි වරටත් වර්ජනයකට ගියේ මුළුමණින්ම සේවයෙන් ඉවත් වෙමිනි.
ඒ සඳහා විසඳුම් ලෙස නැවත පෙර පැවති රු 20 මිලටම ලොතරැයි අලෙවි කරන්නට ජනපති නියම කළ බව අද අමාත්‍ය ලක්ෂ්මන් යාපා මාධ්‍ය වෙත අදහස් පළකරමින් දන්වා සිටියේය.

ඒ් අනුව වර්ජනය අවසන් වනු අැත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment