ලබන මස 27 වනදා නුගේගොඩ පැවැත්වීමට නියමිත රැස්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟින් අලුත් මුහුණු කිහිපයක් සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද (16) පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ය.
එම රැස්වීම කඩාකප්පල් කිරීමට මේ වන විටත් ආණ්ඩුව කටයුතු කරන බවත් සිය කණ්ඩායමේ ඇතැම් පිරිස් අත්අඩංගුවට ගැනීම් සිදුකරමින් සිටින බවත් පැවසූ මන්ත්‍රීවරයා කෙසේ නමුත් රැස්වීම සාර්ථකව පවත්වන බවද කියා සිටියේය.
මේ ආණ්ඩුව රටට අහිතකර ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරන බව මන්ත්‍රීවරයා පැවසී ය.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ඇහැට කනට පේන සංවර්ධනයක් සිදු කළේ මහින්ද රාජපක්ෂ පමණක් බවයි.
යහපාලන ආණ්ඩුව බලයට පත් වී වෙනසක් ඇති කරන බව පැවසුව ද සෑබෑවින්ම මෙතෙක් එවැනි කිසිදු වෙනසක් සිදුව නොමැති බව හෙතෙම කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව මහින්ද පරදවන්න කුමන්ත්‍රණය කළ ඇතැම් පිරිස් අද වන විට මහින්දට තිබෙන ජන බලය දැක බිය වී ඇති බවත් එදා සමහරු බලාපොරොත්තු වුණේ මහින්ද රාජපක්ෂ මහතා පැරදුණ පසු නිවසට වී සිටිනු ඇතැයි කියා නමුත් සෑබෑවින් ඔහුට ජනබලය වැඩී වු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
0 comments :
Post a Comment