දකුණු කොරියාවේ ජනපති පාර්ක් ග්වෙන් හුයිගේ සමීපතමයෙකු බව කියන චොයි සුන් සීල් නමැත්තාට ඩොලර් මිලියන 36.42 කට සමාන මුදලක් අල්ලස් ලෙස ලබාදී තිබීම තහවුරුවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට පත්විය.
පැය 21 ක පමණ තිස්සේ
දකුණු කොරියානු විශ්‍රාම වැටුප් අරමුලින් සැම්සුන් සමාගමේ ආයෝජනය සඳහා මුදල් ලබැගැනීමට කිසියම් නීතිමය අවසරයක් ලබාගැනීමේ අටියෙන් මෙම විශාල මුදල ජෙයි වයි. ලී ජනපති හිතවතාට අල්ලස් වශයෙන් ලබාදී ඇත්තේ ඉදිරියේදී ඊට විශාල ලාභයක් ලබාගැන්මේ අටියෙනි.
මෙම අයථා ගනුදෙනුව ගැන පසුගියදා එරට පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණයවීමෙන් පසු පොලිස් පරීක්ෂණ ඇරඹී අතර සැම්සුන් සමාගමේ සමූහ ප්‍රධානී ජෙයි වයි. ලී ගෙන්ද ප්‍රශ්න කරන ලදි.
දැනට ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකථන ව්‍යාපාරයේ ඉහළම ආදායම ලබන්නේ සැම්සුන් සමාගමයි.
0 comments :
Post a Comment