සාකච්ඡා අසාර්ථකයි - ලොතරැයි අලෙවිය නවතී

සාකච්ඡා අසාර්ථකයි - ලොතරැයි අලෙවිය නවතී

ලොතරැයි මිල නැවත රුපියල් 20 දක්වා අඩු කරන ලෙස අලෙවි නියෝජිතයන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සමග අද(16) පැවැති සාකච්ඡාව අසාර්ථක බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පවසයි.

ඒ අනුව ලොතරැයි අලෙවි නොකර අඛණ්ඩව වර්ජනයේ යෙදෙන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කළේය.

එම සංගමයේ සභාපතිවරයා පැවසූයේ ජනාධිපතිවරයා පොරොන්දු වූ විසඳුම තවමත් ලොතරැයි අලෙවිකරුවන්ට ලැබී නැති නිසා යළි අද (16) සිට දිවයින පුරා ලොතරැයි අලෙවියෙන් ඉවත් වූ බවයි. 

ජනාධිපතිවරයා පිළිබඳ ඉමහත් විශ්වාසය තබා වර්ජනයෙන් ඉවත් වී යළි ලොතරැයි අලෙවි කිරීමට පටන් ගත්තත් පොරොන්දු වූ විසඳුම මේ දක්‌වා ලැබී නැති බවද ලොතරැයි මණ්‌ඩල දෙක ජනාධිපතිවරයා යටතට වහාම පවරාගෙන හෝ තමන්ට සාධාරණ විසඳුමක්‌ ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

"ලොතරැයි පතක මිල රු. 30 දක්‌වා ඉහළ නැංවීම නිසා ලොතරැයිපත් අලෙවිය සියයට 40 කින් අඩුවෙලා. අපේ කොමිස්‌ ආදායම වැඩිකළ නොහැකි නිසා අපේ කලින් ලද ආදායමත් හොඳටම අඩුවෙලා. ලොතරැයි අලෙවියෙන් යැපෙන 25,000 ක්‌ වන අතිවිශාල ආබාධිතයන් පිරිසක්‌ ඉන්නවා. රජයේ මේ අත්තනෝමතික තීරණය නිසා ඔවුන්ට අද රැකියාව නැතිව හිඟාකෑමට සිදුවෙලා“ යැයි ද කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

මීට පෙර ලොතරැයි මණ්‌ඩල තිබුණේ ජනාධිපතිවරයා යටතේ බවත් මුදල් ඇමැතිවරයා තම ගැටලුවලට විසඳුමක්‌ ලබා නොදී ලොතරැයි අලෙවියෙන් රජයට ලැබෙමින් තිබූ ආදායම පවා අර්බුදයකට ලක්‌ කර ඇති නිසා වහාම ලොතරැයි මණ්‌ඩලය පවරා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ක්‍රිෂාන් මාරඹේ මහතා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment