කොළඹ විරෝධතා පැවැත්වූ 37ක් මහ රෑ අත්අඩංගුවට

කොළඹ විරෝධතා පැවැත්වූ 37ක් මහ රෑ අත්අඩංගුවට

කොල්ලුපිටිය ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි මෑන්පවර් සේවකයෝ 37දෙනෙකු පොලිසිය විසින් ඊයේ (24) මධ්‍යම රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

විදුලිබල අමාත්‍යංශයට තාවකාලික පදනම මත බඳවාගෙන ඇති තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් දින ගණනාවක සිට ඔවුහු උපවාසයක නිරත වූහ. 

එම ස්ථානයෙන් ඉවත් වන ලෙස කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ගෙන තිබුණු අතර  සැකකරුවන් එය නොතකා දිගටම විරෝධතා පැවැත්වූ බව පොලිසිය පවසයි.

බොරැල්ල, කොල්ලුපිටිය, කිරුළපන, වැල්ලවත්ත, නාරාහේන්පිට, කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිස් ස්ථානවල නිලධාරීහු පිරිසක් ද ඊයේ රාත්‍රී විශේෂ මෙහෙයුමට එක්වූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment