අන්තරේ - මහින්ද පිලේ දිනේෂ් සමග විශේෂ සාකච්ඡාවක 

අන්තරේ - මහින්ද පිලේ දිනේෂ් සමග විශේෂ සාකච්ඡාවක 

මහජන එක්සත් පෙරමුණ සමග අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සමග අද (25) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

එහිදී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමේ අරගලය ඉතා තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේය.

නමුත් ආණ්ඩුව එය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම නිසා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය වඩාත් පුළුල් කරමින් ඊට එරෙහි දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡ කිරීමට තීරණය කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පැවසී ය.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ සමග පැවැත්වෙන සාකච්ඡාව අද දහවල් 12.30ට මහරගම මහජන එක්සත් පෙරමුණු පක්ෂ කාර්යාලයේදී පැවැත්වෙන අතර ඒ සඳහා මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහභාගී වීමට නියමිතය.   

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment