ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරුන් 6 දෙනකු ඊයේ (26දා) එංගලන්ත සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
බස්නාහිර
පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය සම්පත් චාමර දසනායක යන මහත්වරු මෙම සංචාරයට එක්ව ඇත. එංගලන්තයේ පැවැත්වෙන පළාත් පාලන වැඩමුළුවක් සඳහා මේ පිරිස සහභාගි වී ඇතැයි වාර්තා වේ. ප්‍රධාන ඇමැතිවරුන් 6 දෙනා පෙබරවාරි 2 වැනි දින ආපසු දිවයිනට පැමිණීමට නියමිතය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment