රටවල් 7 ක පුද්ගලයන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම්

රටවල් 7 ක පුද්ගලයන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම්

අමෙරිකාවේ ජාතික ආරක්ෂාව තර කිරීම පිණිස ඉරානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය, සුඩානය හා සෝමාලියාව යන රටවල පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීම ද තහනම් කිරීමට අමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. 

අනවසර සංක්‍රමණිකයන්ට එරටට ඇතුළුවීමට නොහැකි අයුරින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට අමෙරිකාවේ ජනපතිවරයා තීරණය කර ඇත. ඔහුගේ මැතිවරණ පොරොන්දු අතරට ද මෙය එකතුවී තිබිණි.
සිරියාව, ඉරාකය සහ ඉරානය ද ඇතුළුව වැඩිවශයෙන් මුස්ලිම් ජනතාව වෙසෙන මැදපෙරදිග සහ අප්‍රිකානු රටවල් හතක පුරවැසියන් සඳහා දැඩි වීසා නීතිරීති පැනවීමේ හැකියාව පිළිබඳව සළකා බලන බව ද ඔහු පවසා තිබේ.

මේ අතර අමෙරිකාව සහ මෙක්සිකෝව අතර වූ දේශසීමාව ඔස්සේ තාප්පයක් බැඳීම ඇතුළුව ජාතික ආරක්ෂාව පිළිබඳව තීරණාත්මක දිනයක් වෙනුවෙන් සැලසුමක් තමන් සතුව පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසී ය.

මේ අතර සංක්‍රමණිකයන් සීමාකිරීම සහ රටේ ආරක්‍ෂාව සහතික කෙරෙන විධායක නියෝග කිහිපයකට ජනාධිපති ට්‍රුම්ප් අත්සන් තැබීමට නියමිතව ඇත.

දේශ සීමාව හරහා තාප්පයක් බැඳීම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය තුළ ජනතාව වෙත ලබාදුන් ප්‍රධාන පොරොන්දුවලින් එකක් ලෙස සැළකේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment