'දෙගොල්ලොම නෑවා' - බැඳුම්කර වංචාව ගැන ජනපතිගෙන් දැඩි තීන්දුවක්

'දෙගොල්ලොම නෑවා' - බැඳුම්කර වංචාව ගැන ජනපතිගෙන් දැඩි තීන්දුවක්

මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලද්දේ අපරාධ නීතියේ යටතේ දැඩි දඬුවම් දීමට යැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනපතිවරයා මේ බව පැවසූයේ ඊයේ (25) නාරාහේන්පිට අභයාරාමයේ දී අව්කන බුදු පිළිමයේ අනුරුවක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි. 

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කර කෝප් කමිටුවේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ආණ්ඩු කරන අය මෙන්ම ආණ්ඩු නොකරන අය ද ‘නාගත්‘ බවද ජනාධිපතිවරයා පැවැසීය.

මහ බැංකුවේ සිදු වූ මෙම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර වැරැදිකරුවන්ට දඬුවම් දීමෙන් අනතුරුව ඊට පෙර වසර හත අටක මහ බැංකුවේ සිදු වූ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ කර වැරැදිකරුවන්ට ද දඬුවම් දෙන බව ජනාධිපතිවරයා සදහන් කළේය.

“මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විවාදයක් පැවැත්වුණා. ආණ්ඩු කරන අය විපක්ෂයේ අය දෙගොල්ලොම දොගොල්ලන්ටම චෝදනා කර ගත්තා. ආණ්ඩු කරන විපක්ෂයේ ඉන්න ආණ්ඩුවේ ඉන්න කාලේ කරපු දේවල් කිව්වා. විපක්ෂයේ අය දැන් ආණ්ඩුවේ කරන දේවල් කිව්වා. ගමේ භාෂාවෙන් කියනවා නම්, කාටුන් චිත‍්‍ර ශිල්පීන් කියන අයුරින් කියනවා නම්, ඊයේ විවාදයේදී දොගොල්ලම නෑවා. එහෙමයි මම දකින්නේ. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. එක්කෙනෙක් හොරෙක් කියලා තව කෙනෙක්ට චෝදනා කරද්දි, නෑ අරකත් හොරකම් කරා කියන එක සදාචාර සම්පන්න නැහැ. ඒ නිසා අවංකව කටයුතු කිරීම සියලූ දෙනාගේම වගකීමක්“ යැයි ද ජනපතිවරයා සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment