සයිටම් ආහෝසි කළ යුතුයි - බුද්ධික පතිරණ

සයිටම් ආහෝසි කළ යුතුයි - බුද්ධික පතිරණ

සයිටම් ආයතනය සම්බන්ධයෙන් තමන් විපක්ෂයේ සිටියදී දැරූ මතයම ආණ්ඩුව තුළ සිටියදීත් දරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

සයිටම් ආයතනය ජනගත කළහොත් එය අනාගතයට ලබාදෙන නරක පූර්වාදර්ශයක් බවත්, මේ නිසා සයිටම් ආයතනය අහෝසි කළ යුතු බවද හෙතෙම පවසා සිටියේය.

එසේ නොමැති වුවහොත් මෙය බිස්නස් එකක් කරගැනීමට හැකි බවත්, එහිදී මෙවැනි ආයතන සකස්කර ජනගත කිරීමට අවස්ථාව ලබාදී ඒ හරහා යම් මුදලක් සොයා ගැනීමේ කලාවක් ඇතිවිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ජනගත නොකර අහෝසි කරනු ලැබුවානම් සයිටම් ආයතනයක් බිහිනොවන බවද අද (25) ඕ.පී.ඒ. ශාලාවේදී පැවැති සම්මන්ත්‍රණයේදී හෙතෙම සඳහන් කළේය.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment