'නොබැන්න අයත් බනිනවා' - ජනපතිගෙන් කැබිනට් රැස්වීමේදී සැර කතාවක්

'නොබැන්න අයත් බනිනවා' - ජනපතිගෙන් කැබිනට් රැස්වීමේදී සැර කතාවක්

රුපියල් 20ක මිලකට අලෙවි කළ ලොතරැයිපතක් කිසිදු සැලැස්මක් නොමැතිව හදිසියේ රුපියල් 30ක් දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය ගත් හිතුවක්කාර තීන්දුව නිසා ඉතා අසීරුවෙන් ජිවත්වූ අය පවා මේ ආණ්ඩුවට බැණ වදින තත්ත්වයට ඇදවැටුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී අවධාරණයෙන් සඳහන් කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ කිසිසේත් ලොතරැයි මිල ඉහළ දැමීමට තම අවසරය නොලැබෙන බවයි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ලොතරැයි පත්වල මිල වැඩිකිරීමට හේතු වූ කරුණු පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී කරුණු පැහැදිලි කිරීමට ගත් උත්සාහයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේබව ඉතා දැඩි ලෙස මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.

අද වනවිට විවිධ බදු වැඩි කිරීම නිසා රටේ සාමාන්‍ය ජනතාව ආණ්ඩුවට බැනීමට පටන්ගෙන තිබෙන බවත්, 20,000කටත් වැඩි පිරිසක් ලොතරැයි වෙළෙඳාම සිය ජීවනෝපාය බවට පත්කරගෙන සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ඉන් බොහෝ අය දුප්පත් අසරණ ජනතාව බවත්, ඇතැම් අය අන්ධ, ආබාධිත යාචකයන් මෙන් සිටින ඉතාම අන්ත අසරණ අය බවත් පෙන්වා දී ජනාධිපතිවරයා, ලොතරැයි පත් මිල වැඩි කිරීමෙන් මෙතෙක් ආණ්ඩුවට නොබැණ සිටි එම පිරිස් පවා බණින බවද කැබිනට් රැස්වීමේදී සඳහන් කර තිබේ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment