ඇමතිවරු ප්‍රමාදයි: පරණම සේවකයා මුල්ගල තබයි

ඇමතිවරු ප්‍රමාදයි: පරණම සේවකයා මුල්ගල තබයි

නාරා ආයතනයට අනුබද්ධව ඉදිකෙරෙන මධ්‍යම විද්‍යාගාර සංකීර්ණයට මුල්ගල් තැබීමට ඇමතිවරුන් ප්‍රමාද වී පැමිණීම හේතුවෙන් නාරා ආයනනයේ පැරණිම සේවකයා විසින් ඊයේ (24) මුල්ගල තබනු ලැබීය.

රුපියල් මිලියන 1653ක වියදමින් ඉදිකෙරෙන නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් අමාත්‍ය රවි කරුණානායක, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන මහත්වරු නැකැත් වේලාවට නොපැමිණියහ.

ඇමතිවරුන්ගේ ප්‍රමාදය තවදුරටත් බලාසිටිය නොහැකි බැවින් නාරා ආයතනයේ පැරණිම සේවකයාට පැමිණි මුල්ගල තබන්නැයි සංවිධායකයෝ දන්වා සිටියහ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment