බැඳුම්කර විවාදයට මහින්ද ඇවිත් නෑ

බැඳුම්කර විවාදයට මහින්ද ඇවිත් නෑ

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන කෝප් වාර්තාව පිළිබඳ පැවැත්වුණු කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් ඊයේ (24) දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවට පැමිණ නොසිටි බව වාර්තා වේ.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා විවාදයට එක්වෙමින් 'කෝ අද මහින්ද රාජපක්ෂ මහතා' යැයි විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු දීමට ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු ඉදිරිපත් නොවීය.

ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානයේ මන්ත්‍රිවරුන් මහ බැඳුම්කර විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තුවේ කථා කළද පසුගිය රජයේ හිටපු මුදල් ඇමතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා ඊට එක් නොවීම පිළිබඳ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ කථා බහට ද ලක් විය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment