බැඳුම්කරයෙන් මිලදී ගත් දේපළ රජයට පවරා ගැනීමට යයි

බැඳුම්කරයෙන් මිලදී ගත් දේපළ රජයට පවරා ගැනීමට යයි

බැඳුම්කර ගනුදෙනුවෙන් ආණ්ඩුවට අලාභ වන ආකාරයෙන් උපයා ගත් මුදල් මෙන්ම ඒ මුදල් යොදවා දේපළ හෝ ආයතන මිලදී ගත්තා නම් ඒවා යළි රජයට පවරා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අධ්‍යයනය කරමින් සිටිනා බව ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ බවත් කවුරු කළත් රාජ්‍ය මුදල් හොරකම් කිරීම වරදක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“බැඳුම්කර ගනුදෙනුවේදී වංචාවක් වෙලා තියෙනවා. සුදු හුණු ගාන්න යන්නත් එපා. වැරදි කළ අයට දඬුවම් දිය යුතුයි“ යැයිද ඇමැතිවරයා පැවසීය.

මෙම කොමිසම මගින් ඉකුත් කාලය පුරාම මහ බැංකුව තුළ සිදුවූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන බවද මහ බැංකුව තුළ සිදුවන මෙවැනි ගනුදෙනු විනිවිදභාවයෙන් සිදු කිරීමේ ක්‍රම වේදයක් සැකසීමද ජනාධිපතිවරයා පත් කළ කොමිසමේ කාර්යයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

දේශපාලනඥයන්ගෙන් ජනතාව බලා‍පොරොත්තු වෙන්නේ වංචා හා මැරකම්වලින් තොර සේවයක් බවද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාව පිළිබඳ කල් තැබිමේ විවාදයට ඊයේ(24) එක් වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment