සුප්‍රකට මැණික් ව්‍යාපාරික නිමල් පතිරණ අතුරුදහන්


සුප්‍රකට මැණික් ව්‍යාපාරික
නිමල් පතිරණ අතුරුදහන්


රත්නපුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකු වන දේශබන්දු නිමල් පතිරණ (57) මහතා
රෝහල් ගතව සිටියදී අතුැරුදන්ව ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් දන්වා සිටී.
කිරුළපන, ‍පොල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි ඔහු ඇති වූ
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 20 වන දින
දියණියකගේ ස්වාමි පුරුෂයා විසින්

දකුණු කොළඹ ශික්ෂණ
රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 23දා සිට රෝහලින් අතුරුදන් වී ඇති අතර ඔහු යන එන සියලු තැන් සොයා බැලූ මුත් හමුවී නැත.

නිමල් පතිරණ නොහොත් ගුණරත්න නමින් හඳුන්වන ඔහු දිවයිනේ නමගිය ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකු වෙයි.
හැත්තෑව දශකයේදී රත්නපුර විජාතිකයින් සතුව තිබූ මැණික් ව්‍යාපාරය සිංහල
ව්‍යාපාරිකයන් අතට ගැනීම සඳහා මුල් පිරූ කණ්ඩායමේ එක් අයෙකි. ඔහුගේ මැණික් බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ අගය කිරීමටද ලක්වූ අතර ඔටුන්න හිමි විළියම් කුමරුගේ බිරිය කේට්ගේ මංගල මුදුව සඳහා ඔහුගේ මැණිකක් තෝරා ගැනීම ගැනද පසුගිය කාලයේ ලොව පුරා විස්තර වාර්තා පළවිය.

ඔහුට පළමු විවාහයෙන් පුතුන් තිදෙනෙක් සිටින අතර දෙවන විවාහයෙන් දියණියන් දෙදෙනකු සිටී. මේ සියලු දෙනා සමග ඔහු සබඳතා පවත්වමින් සිටි අතර අවසන් වරට නැවතී සිටියේ කිරුළපන, ‍පොල්හේන්ගොඩ දෙවන විවාහයේ බිරියගේ නිවසේය.
ඔහු අතුරුදන් ආරංචිය පළමු විවාහයේ පුතකු විසින් කුරුඳුවත්ත ‍පොලිසියට දැන්වීමෙන් පසුව මේ වනවිට පොලිසියද මැදිහත්වී ඔහුව සොයන්නට පටන්ගෙන තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment