අධිකරණ නියෝග කඩා විරෝධතාවයේ යෙදුණ විදුලි බල මෑන්පවර් සේවකයින් 37 ක් අත්අඩංගුවට


විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක යෙදී සිටි ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 37 දෙනකු ඊයේ (24) රාත්‍රීයේ අත්අංගුවට ගෙන තිබේ.

ඒ එම ස්ථානයේ
විරෝධතාවයේ නිරත නොවන ලෙස අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබියදී එය කඩ කරමින් දිගටම විරෝධතාවයේ නිරත වීම නිසාය.

විදුලිබල අමාත්‍යංශයට තාවකාලික පදනම මත බඳවාගෙන ඇති තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් දින ගණනාවක සිට ඔවුන් උපවාසයක නිරත වූ අතර එම ස්ථානයෙන් ඉවත් වන ලෙස කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ගෙන තිබුණද එය නොතකා දිගටම විරෝධතා පැවැත්වූ නිසා අත්අඩංගුවට පත්ව ඇත.
ඔවුන් අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment