මට වැට් මෑන් කිය කිය බැන්න අය ටික දවසකින් ගුඩ් මෑන් කියාවි -රවි


ඊයේ (24)‘තිරසර දැක්ම‘ නව විද්‍යාගාර සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමින්මු දල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ

මේ මොහොත් තමාට වැට් මෑන්
කියමින් විවේචනය කරන පිරිස් වැඩිකල් නොගොස් ගුඩ් මෑන් කියනු ඇති බවයි.
මේ මොහොත් අති විශාල වියදමක් දරන්නට  රජයට සිදුව ඇති බවත්, ඒවා දරා නොගෙන එදිනෙදා පාලනය ගෙනයා නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත්
විශ්‍රම වැටුප් ගෙවීමට රු.බිලියන 180ක් වාර්ෂිකව වැයවන බවත්, වැටුප් ගෙවීම සඳහා බිලියන 692ක් වැයවන බවත්, ආදායම ලෙස බිලියන 2000ක් ලැබෙනවිට  ණය ලෙස බිලියන 1500ක් ගෙවීමට සිදුව ඇති බවත් අවධාරණය කළ ඔහු
මේ හේතුව නිසා බදු සංශෝධන සිදුකිරීමට සිදුවුවත්, තිරසර සංවර්ධනයේ ඉලක්ක අත්පත් කරගනිමින් ඉතා කෙටි කලක් තුළ වඩා සුභවාදී දිශාවකට රට යොමුවනු පසු තමා ගුඩ් මෑන් බව වැටහෙනු ඇතැයි දන්වා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment