අනුර කුමාරගේ අයර්ලන්ත නිවසේ කතාව කෙප්පයක්ලු


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පිළිබඳ මුළුමනින්ම අසත්‍ය කරුණු කිහිපයක් ඇතැම් වෙබ් අඩවි හරහා පළ කළැයි පවසමින් එම පෙරමුණ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කිරීමට සූදානම් වෙයි.

අනුර කුමාර දිසානායක
සතුව අයර්ලන්තයේ නිවසක් ඇති බව කියමින් මහාමාර්ගයක ගූගල් ඡායාරූප සමග අනුර කුමාරගේ නම සඳහන් විදේශ ආදායම් බදු ලියුමක් ප්‍රචාරය කරමින් මෙම පුවත පළ කර ඇත.

ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා පවසන්නෙක් සිය පක්ෂ නායක අනුර දිසානායක මහතා පසුගිය වසරේ දේශපාලන කටයුත්තකට අයර්ලන්තයට ගිය ගමන සම්බන්ධව මීට පෙර රටේ ජාතික පුවත්පතක ප්‍රසිද්ධ කළ විශාල අසත්‍ය ප්‍රචාරය ගැන හෙළිදරව්වෙන් පසු එය නැවතුණ නමුත් එහි  දිගුවක් ලෙස නැවත වෙබ් අඩවි හරහා විවිධ පරස්පර අසත්‍ය පතුරා ඇති බවකි.
මෙම පළ කිරීමට එරෙහිව පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට අමතරව නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වීමට ඔවුන් කටයුතු කරන බවද දන්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment