මහින්ද එක්ක ඒකාබද්ධ විපක්ෂය දෙවැනි සටනට 

මහින්ද එක්ක ඒකාබද්ධ විපක්ෂය දෙවැනි සටනට 

ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගැස්වීමේ අරමුණින් 'දෙවැනි සටන' නමින් විරෝධතා රැලි මාලාවක් දිවයින පුරා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නෙලුම් මාවත කාර්යාලයේ පැවැති ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව පළමු විරෝධතා ජනරැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා නුගේගොඩ නගරයේදී පැවැත්වීමට නියමිතය.  

හම්බන්තොට වරාය චීනයට පවරාදීම, එට්කා ගිවිසුම, බඩු මිල ඉහළ යෑම, බදු මිල ඉහළ දැමීම, ආණ්ඩුවේ දරදඬු පාලනය ඇතුළු කරුණු රැසක් මුල් කර ගනිමින් මෙම විරෝධතා රැලි පැවැත්වීමට සූදානම් කර ඇත.

මෙම විරෝධතා රැලි සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රිවරුන් සහභාගි වීමට නියමිතය.

කෙසේවෙතත් මැතිවරණය කල්දැමීමට පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සිතා මතා සිදු කරනු ලබන ක්‍රියාදාමයට එරෙහිව සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ලිපියක් යොමු කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බවත් එසේ නොවන්නේ නම් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment