හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම පිළිබදව මූලික ගිවිසුමක් අද (07) පෙරවරුවේ අත්සන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සම්පුර්ණ ගිවිසුම සකස් කිරීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අත්සන් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඔහු මේ බව පැවසූයේ ධීවර සංගම්වල දරුවන්ට පාසල් උපකරණ ඛෙදාදීම වෙනුවෙන් ඊයේ (06) බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා
“යහපාලන රජය ඕනෑම ගිවිසුමක් අත්සන් කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුවයි. අපි හිතුන හිතුන විදිහට ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ. හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සදහා 07 වනදා පෙරවරුවේ පවත්වන උත්සවයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විරෝධතා පැවැත්වීමට සුදානම් වෙනවා. ලංකාවේ මොන සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරිමට කටයුතු කළත් විරෝධතා පැවැත් වුනා. නොරොච්චෝලේ, ගල්ඔය, කණ්ඩලම වැනි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ දීත් විරෝධතා පැවැත්වුනා. එම විරෝධතා දේශපාලන පක්ෂවලින් ක්‍රීයාත්මක කරන ඒවා.”
“යහපාලන රජය එකාබද්ධ විපක්ෂය පවත්වන විරෝධතාවයට බය වෙන්නේ නැහැ. අද දින සංඝ ආඥාවක් නිකුත් කරනවා කියලා මහා සංඝරත්නය ප්‍රකාශ කර නැහැ. එය ප්‍රකාශ කරන්නේ ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයා විසින් ඒ මොකද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන තොරතුරු එළිවෙමින් පවතින නිසයි. 07වනදා පවත්වන විරෝධතාවය සාමාන්‍ය එකක්.“ යැයිද අමාත්‍යවරයා පැවසී ය.
0 comments :
Post a Comment