කටුනායක ගුවන්තොටුපොළේ අලුත්වැඩියා කටයුතු අරඹයි

කටුනායක ගුවන්තොටුපොළේ අලුත්වැඩියා කටයුතු අරඹයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු අද(06) උදෑසන 8.30ට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා හා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේය.

එහි අලුත්වැඩියා කටයුතු චීන සමාගමක් විසින් සිදුකරන අතර උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා කටුනායක ගුවන්තොටුපොළේ  ගුවන් ගමන් සිදුනොවනු ඇත. අප්‍රේල් මස දක්වා මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරයි.

අද දිනයේදී උදෑසන ක්වාලම්පූර් සිට පැමිණි ගුවන් යානයත්, පෙරවරු 8.30ට පෙර දෝහා බලා ගිය ශ්‍රි ලංකන් ගුවන් යානායත් අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරිමට පෙර පැමිණි හා පිටවුණ ගුවන් යානා දෙකයි. එසේම සවස 4.30ට පසු ලන්ඩන් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැමිණීමට නියමිතය. ඉන් අනතුරුව රාත්‍රියේදී සෙසු ගුවන් ගමන් සිදුවෙනු ඇත.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment