මහජන විරෝධය හමුවේ තමිල්නාඩු ‘පොරගව කෙළිය‘ට මෝදිගෙන් අවසර


පසුගිය දිනවල ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ‘පොර ගව කෙළිය‘ නිසා ජීවිකාව සිදු කරන විශාල පිරිසක්
වීදි බැස විරෝධතා
දැක්වූයේ ඉන්දියාව සම්මත කළ සත්ව අවිහිංසන ප්‍රතිපත්තියක් නිසා තම කර්මාන්තයට පහරක් වැදී ඇති බව පවසමිනි.
පුහුණු කළ පොර ගවයින් සමග සටන් වදින හා ඔට්ටු අල්ලන විශාල පිරිසක් මෙම නීතිය නිසා පීඩාවට පත්ව තිබුණ අතර දිගටම සිදුවූ විරෝධය අවසානයේ අද ඉන්දීය අගමැති නරොන්ද්‍ර මෝදි එම නීතිය විරෝධතාකරුවන්ගේ ඉල්ලීම අනුව වෙනස් කරන්නට පොරොන්දුවී තිබේ.
ඒ අනුව තමන් තමිල් නාඩුවේ දෙමළ ප්‍රජාවගේ සංස්කෘතික අංගයන්ට ගරු කරන බව පවසමින් කරුණු 10 ක ලියැවිල්ලක් ඉදිරිපත් කර තිබෙන මෝදි මෙම නීතිය සංශෝධනය කරන බවත් අදාළ ක්‍රීඩාවට මින් පසු තහංචියක් නැති බවත් දන්වා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment