ප්‍රචාරක පුවරුවල 'ලයිට්‌ ඕෆ්' කරන්න - ජනපති ඉල්ලයි



පෞද්ගලික ව්‍යාපාර සහ ආයතනවල ප්‍රචාරණ හා අලංකරණ කටයුතු සඳහා භාවිත කරන විදුලි පහන් නිවා දමමින් විදුලිබලය අරපිරිමැස්‌මෙන් භාවිතා කිරීමට එක්‌වන ලෙස ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන
මහතා සියලු පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක්‌ කරයි.
ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වය සමග විදුලිබල අර්බුදයකට මුහුණ දීමට සිදුවන අතර දැන් සිටම විදුලිය අරපිරිමැස්‌මෙන් භාවිතා කිරීම සියලු දෙනාගේ වගකීමක්‌ බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
රාත්‍රි කාලයේ සිය ප්‍රචාරණ කටයුතු සඳහා බොහෝ පෞද්ගලික ආයතනවල භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන බවත් එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි. නියං තත්ත්වය පහව යනතුරු විදුලිය අරපිරිමැස්‌මෙන් භාවිතය පිළිබඳ ගෙන යන වැඩපිළිවෙළට ලබාදෙන සහයෝගයක්‌ වශයෙන් මෙම පියවර ගන්නා ලෙසද සියලු දෙනාගෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment