අමාත්‍යංශෙට ඕන විදිහට ලොතරැයි මිල වෙනස් කිරීම ගැන ජනපතිට කේන්ති ගිහින්

ඊයේ පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ලොතරැයි පත්වල මිල වැඩිකිරීමට හේතු වූ කරුණු පිළිබඳ කරුණු පැහැදිලිකිරීමට උත්සාහගත් අවස්ථාවේ උද්වේගකර තත්වයක් මතුවූ බව දේශපාලන ආරංචි හෙළි කරනවා.
රුපියල් 20ක
මිලකට අලෙවි කළ ලොතරැයිපතක් කිසිදු සැලැස්මක් නොමැතිව හදිසියේ රුපියල් 30ක් දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය ගත් හිතුවක්කාර තීන්දුව නිසා
ඉතා අසීරුවෙන් ජිවත්වූ අය පවා මේ ආණ්ඩුවට බැණ වදින තත්ත්වයට ඇදවැටුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මතයවී තිබේ. කිසිසේත් ලොතරැයි මිල ඉහළ දැමීමට තම අවසරය නොලැබෙන බව ජනපති කියා ඇත.
20,000කටත් වැඩි පිරිසක් ලොතරැයි වෙළෙඳාම සිය ජීවනෝපාය බවට පත්කරගෙන සිටින බවත් ඇතැම් අන්ධ, ආබාධිත යාචක අයටත් මෙයින් පහරවැදී රජයට අනවශ්‍ය ප්‍රශ්නයක් මතුවුණ බවත් ජනපති පෙන්වාදී ඇත.
අද වනවිට විවිධ බදු වැඩි කිරීම නිසා රටේ සාමාන්‍ය ජනතාව ආණ්ඩුවට බැනීමට පටන්ගෙන තිබෙනවා පමණක් නොව මෙතෙක් ආණ්ඩුවට නොබැණ සිටි එම පිරිස් පවා බණින බවද කැබිනට් රැස්වීමේදී ජනපති සඳහන් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment