කෝප් වාර්තාව නීතිපතිට

කෝප් වාර්තාව නීතිපතිට

කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කළ යුතු බවට පාර්ලිමේන්තුවේ එකඟතාවය හිමිවී තිබේ.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් ඊයේ (24) දිනයේ දී කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණු අතර අදාළ කෝප් කමිටු වාර්තාව ඉකුත් ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 

මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කිරීමට ද ජනාධිපතිවරයා නියෝග කර තිබේ. 

ඒ සඳහා වන ගැසට් නිවේදනය මෙම සතිය තුළ නිකුත් කරන බවත් ඔවුන් විසින් සියලු විමර්ශන මාස 3 ක් ඇතුළත අවසන් කර වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දිය යුතු බවත් වාර්තා වේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු කෝප් කමිටු වාර්තාව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ද ඉදිරිපත් වී තිබිණි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment