මියුසියස් හෝල් ගින්න හිතාමතා භූමිතෙල් දමා කළ ගිනිතැබීමක්



මියුසියස් හෝල් ගින්න
හිතාමතා භූමිතෙල් දමා කළ ගිනිතැබීමක්

ලංකාවේ පාසලක පිහිටි විශාලතම ශ්‍රවණාගාරය ලෙස සැලකුණ කොළඹ මියුසියස් විද්‍යාලයේ අලුත්ම ශ්‍රවණාගාරය පසුගිය නොවැම්බර් මස 4 වන දින සවස හදිසි ගිනි ගැනීමකට ලක්වුණි.
1600 කට අසුන් ගතහැකි ලෙස සියලුම නවීන අංගෝපාංග වලින් නිමවන ලද එය විවෘත කර වසර 5 ක් වත් ගතවී නොතිබුණ අතර
මෙම ගින්න නිසා රුපියල් කෝටි 40ක පමණ අලාභයක් සිදුවී ඇති බවට
පසුව ගණන් බලා තිබුණි. සිද්ධිය අවස්ථාවේ අකුණු සහිත වැසි වැටෙමින් පැවතීම නිසා මුලදී මෙම ගින්නට හේතුව අකුණු සැරයක් වන්නට ඇති බවට විශ්වාස කරන ලද අතර එය විදුලි කාන්දුවක් නිසා සිදුවන්නට ඇතැයිද මත පළවිය.
කෙසේ වෙතත් සිද්ධියෙන් මාස 3 කට පමණ පසු රජයේ රස පරීක්ෂක වාර්තාව දැන් නිකුත්ව ඇත. එහි සඳහන් වන්නේ
ශ‍්‍රවණාගාරයේ ඇතිවූ ගින්න විදුලි කාර්මික දෝෂයක් මගින් හෝ අහඹු ලෙසින් සිදුවූවක් නොව එහි වේදිකාව මතට භූමිතෙල් දමා හිතාමතාම කරන ලද ගිනිතැබීමක් බවටයි.
මේ ගැන කුරුදුවත්ත පොලිිසිය ඊයේ (16) කොළඹ ප‍්‍රධාන

මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ එය යම් පුද්ගලයකු විසින් හෝ කණ්ඩායමක් විසින් හිතාමතාම සිදුකරන ලද ගිනිතැබීමක් බවට සැකය මතුව තිබෙන බවයි.
භුමිතෙල් ශාලාව පුරාම වත් කර තිබෙන බවටද රස පරීක්ෂණයේදී කරුණු තහවුරුව ඇත.
එ් අනුව එම සිද්ධියට අදාළව පරීක්ෂණ පවත්වා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත
ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
මෙම ශාලාව ගිනි තැබීමට අවශ්‍යතාවය පැනනැගුනේ කාටද කයර හේතුවක් නිසාද යන්න ගැන ඒ අනුව සොයා බලන්නට පොලිසිය උනන්දුවී ඇති අතර සීසීටීවී වාර්තාද නිරීක්ෂණයට ලක්කරමින් පවතී.
මෙම ශාලාවේ ඒ ආසන්න දිනවල පවත්වන්නට නියමිතව තිබුණ උත්සවයක සංවිධානය සම්බන්ධ පැවති ආරවුලක් ගැන තොරතුරුද සැලව ඇතැයි පරීක්ෂකයින් දන්වා ඇත. ඒ හා සම්බන්ධ අය ගැනද විස්තර සොයා බලනු ඇත.
මියුසියස් විද්‍යාලය මෙම ගොඩනැගිල්ල ඉදිකළේ පුද්ගලික ධන පරිත්‍යාග සහිත පාසල විසින් රැස්කළ අරමුදල් මගිනි.
2 011 වසරේ ඉදිකිරීම් නිම කරන ලද මෙම ශාලාව එවක ජනපති මහින්ද රාජපක්ෂ ගෙන්වන ලද උත්සවයකදී විවෘත කෙරුනේ ලංකාවේ විශාලතම පාසල් ශ්‍රවණාගාරය යනුවෙන්ද හඳුන්වමිනි.
ගින්නට අසුවූ පසු එහි පුටු සහ භාණ්ඩ විදුලි උපකරණ රාශියක්ම විනාශවී ගියේ පිරිමැසිය නොහැකි පාඩුවක් ිසදු කරමිනි.
එම ගින්න මැඬපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවන සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ 10ක් පමණ යොදවා තිබුණි.
එම ශාලාව විවෘත කළ දිනයේ වීඩියෝවක් පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment