හම්බන්තොට ප්රදේශයේ පසුගිය 07වනදා ඇති වූ කලහකාරී සිද්ධියට අදාළව අද(15) රාත්රී තංගල්ල ප්රදේශයේ සිදුකල පොලිස් සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මේවන විටත් තංගල්ල ප්රදේශයේ පොලිස් සෝදිසි මෙහෙයුමක් ක්රියාත්මක වන බව වාර්තා වේ.
කෙසේ වෙතත් එම සිද්ධියට අදාලව පුද්ගලයින් 11 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ මාර්ගයේ ටයර් පිළිස්සීම, මාර්ග අවහිර කිරීම යන චෝදනා යටතේය.
සිද්ධියට අදාළව පසුගිය 07 වනදා පුද්ගලයින් පනස් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් විසි තුන් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
හම්බන්තොට, මිරිජ්ජවිල යෝජිත කර්මාන්තපුරය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය 07 වනදා පැවැත්වුණු අතර ඊට එරෙහිව අම්බලන්තොට නගරයේ සහ යෝජිත කර්මාන්තපුරය ආශ්රිත ප්රදේශයේ විරෝධතා පැවැත්වුණි.
අධිකරණ නියෝග නොතකමින් පැවති එම විරෝධතා පාලනය කිරීමට පොලීසිය කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්රහාර එල්ල කරනු ලැබීය.
0 comments :
Post a Comment