පොර ගව ප්‍රශ්නයකට තමිල්නාඩුවේ දහස් ගණන් ජනතාව විදී බසී


ඉන්දීය රජය මගින් මෑතක සම්මත කරන ලද සත්ව ආරක්ෂණ නීතියක් නිසා තමිල්නාඩු ප්‍රාන්තයේ
සාම්ප්‍රදායිකව කරගෙන යන ‘ජල්ලි කට්ටු‘ නමැති පොර ගව කෙළිය තවදුරටත් සිදුකරන්නට බැරිව යාමෙන් දහස් ගණන් ජනතාව එයට විරෝධය පළකරමින් වීදි බැස ඇත.

ඉන්දියාවේ වසර 2000 පමණ පැරණි කියන මෙම ක්‍රීඩාවේදී මිනිසුන් කණ්ඩායම් දෙකකට බෙදී මැදිහත්වී පොර ගවයින් මෙල්ල කිරීමේ යෙදෙන අතර
 වැඩිපුර ගවයින් අඩුම කාලයකින් මෙල්ල කරන කණ්ඩායම ජයගනී.
මේ සඳහා ගවයින් පුහුණු කරන හා තරගවල සටන් වදින පරම්පරාවක්ද සිටින බව කියැවේ.
2014 වසරේ ඉන්දියාවේ සම්මතවූ වන සත්ව නීතියකට අනුව පොර ගවයින් ප්‍රදර්ශනය මගින් මුදල් ඉපැයිම හා උන් ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසක්ම තහනමට ලක්විය.
මෙම ක්‍රීඩාව නිසා යැපෙන පිරිස් හා ඔට්ටු අල්ලන්නන් ඇතුළු පාරම්පරික කොටස් මෙම විරෝධතාව පසුපස සිටින බව කියැවේ.
නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයද අද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට මහඇමතිවරයා මුණගැහෙන්නට නියමිතය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment