ඒකාබද්ධය ගැන බලාගන්න අගමැතිගෙන් විශේෂ පුද්ගලයෙක්.


ඒකාබද්ධ විපක්ෂය රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කර ජනතාව නොමඟ යැවීමට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා ඉදිරි මාස තුන ඇතුළත ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය කබීර් හෂීම් මහතාට උපදෙස් දී තිබේ.

ඒකාබද්ධ විපක්ෂය රජයට එරෙහිව ගෙනයන අසත්‍ය ප්‍රචාරවලට ඇතැම් මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන බැවින් ජනතාවට රජයේ වැඩපිළිවෙළ පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලෙසත් මීට අදාළව සියලුම ආසන සංවිධායකයන් දැනුවත් කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා කබීර් හෂීම් අමාත්‍යවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

මේ අනුව මැතිවරණයක් ඉලක්ක කර නොගෙන 2020 දක්වා වූ රජයේ කඩිනම් සංවර්ධන ආර්ථික සැලැස්ම පිළිබඳව එ.ජා.ප.යේ ශාඛා සමිති, තරුණ හා කාන්තා සමිති, ආසන බලමණ්ඩල, ලක් වනිතා සංවිධානය ඇතුළු එ.ජා.ප.යේ සමිති සංවිධාන සියල්ලම දැනුවත් කරන ලෙස දන්වා ඇති අග්‍රාමාත්‍යවරයා මෙම කටයුත්තේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට තමන් සහභාගි වන බවත් ඊට අදාළව කොට්ඨාස මට්ටමින් මූලික දැනුවත් කිරීම ආසන සංවිධායකයන් විසින් සිදු කළ යුතු බවත් මේ සියලු කටයුතු එළැඹෙන මාර්තු 31 වැනිදායින් අවසන් කළ යුතු බවත් අවධාරණය කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment