ශ්‍රීලංකන් කළමණාකාරීත්වයට නොතීසි

ශ්‍රීලංකන් කළමණාකාරීත්වයට නොතීසි

එච්.අයි.වී ආසාධිතයෙකු බව පවසා සිය රැකියාව අහිමි කිරීමට ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමට එරෙහිව ගුවන් සේවකයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

පෙත්සම ඉදිරිපත් කරමින් අදාළ ගුවන් සේවකයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පසුගිය ඔක්තෝබර් මාසයේ තමන් සම්බන්ධ වූ බවයි.

පසුව තමන් එච්.අයි.වී ආසාධිතයෙකු බව සඳහන් කරමින් තම රැකියාව අහිමි කිරීමට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ පලනාධිකාරිය කටයුතු කළ බව පවසන පෙත්සම්කරු ඒ තුළින් සිය අයිතින් උල්ලංඝණය කර ඇති බව පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් තමන්ව රැකියාවෙන් නෙරපීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

අදාළ පෙත්සම අද (20) අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේ පෙත්සම විභාගයට අවසර ලබා දී තිබේ.

පෙත්සමට අදාළ විරෝධතා ලබන මැයි මස 30 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලනාධිකාරිය වෙත ශ්‍රේෂ්ඨාධිකරණය  නොතීසි ද නිකුත් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment