අද දිවුරුම් දෙන ට්‍රම්ප්ට එරෙහිව කොළඹදී උද්ඝෝෂණයක්

අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද 20 ඇමරිකාවේ වේලාවෙන් උදෑසන 11 ට පමණ දිවුරුම් දීමට නියමිතය.
ඔහුට එරෙහිව
එරට ඩිස්ට්‍රම්ප් යනුවෙන් සංවිදානයක් මගින් විරේධතා පැවැත්වෙද්දී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටත් විරෝධතාවක් පැවැත්වෙනවා.
එය සංවිධාන කර ඇත්තේ එක්සත් සමාජවාදී පක්ෂයයි. මාධ්‍ය ප්‍රකාශක ශ්‍රීනාත් පෙරේරා දන්වන්නේ නව ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයන් සංක්‍රමණිකයන්, සමලිංගිකයන‍්,මුස්ලිම් ජනතාව, පරිසර ආරක්ෂාව ආදියට ඉදිරියේදී බලපාන බවට අනතුරු ඇති බවත් එවැනි කරුණු සම්බන්ධයෙන් දරණ ප්‍රතිපත්ති ලෝක ප්‍රජාවට ඉතා අහිතකර එකක් බවත් ඒ ගැන සුළු වශයෙන් හෝ ලංකාවේ සිට විරෝධයක් මතුකරන බවයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment