සෝභිත හිමියන්ගෙන් පසු නාගවිහාරේ සංඝ භේදය



සෝභිත හිමියන්ගෙන් පසු නාගවිහාරේ සංඝ භේදය
කෝටි දෙකේ බෙන්ස් එක
අතුරුදන් කියා එක් හිමිනමක් පොලිසියට පැමිණිලි කරද්දී

වාහනේ රෙපයාර් එකේ -තව හිමි නමකගෙන් සාක්ෂි



පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීමෙන් පසු උන් වහනසේ වාසය කළ කෝට්ටේ නාග විහාරයේ මේ වනවිට උද්ගතව ඇති තත්වය ශෝචනීයය. අපවත්වීමෙන් හිස්වූ පදවිය වෙනුවෙන් තවමත් විහාරාධිපති කෙනෙකු නම් කර නැති මෙම විහාරස්ථානයේ සෝභිත හිමියන් සතුවූ දේපළ වත්කම් වෙනුවෙන්  දෙපිලකට බෙදී  සංඝයා වහන්සේලා කුලල් කාගැනිමේ
ආරංචි වරින්වර අසන්නට ලැබේ.
මින් ඉහත සෝභිත හිමියන්ගේ සමරු පින්කමක් වළක්වාලන උසාවි වාරණ නියෝගයක් ලබාගන්නටද එක් හිමිනමක් පොලිස් පැමිණිල්ලක් සිදුකර තිබුනේ වෙනත් කණ්ඩායමක කැපී පෙනීම වළකාලන්නටය.
මෑතකම වාර්තාවූ සිදුවීම වන්නේ සෝභිත හිමියන් අවසන්වරට පරිහරණය කරමින් සිටි
උන් වහන්සේට පරිත්‍යාග ලෙස ලැබී තිබුණ කෝටි 2 ක පමණ වටිනාකමකින් යුත් බෙන්ස් රථයේ ප්‍රශ්නයයි.

මෙම රථය පන්සලෙන් අතුරුදන් බවට විහාරවාසී උඩුගලකන්දේ ආරිය රතන හිමියන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ඒ පැමිණිල්ලෙන් කියා ඇත්තේ එය පසුගිය සතියේ බේරුවල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක මංගල යුවළ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදවා තිබුණ බවට සාක්ෂියක්ද ලැබී ඇති බවකි. මේ ගැන පොලිස් විමර්ශනයක්ද සිදුවූ අතර එහිදී එම හෝටල් බලධාරීන්ගෙන් එවැනි රථයක් ගැන ආරංචි පොලිසියට සොයාගන්නට බැරිව ගොස් තිබුණි.

මේ අතරවාරයේ මීට මාස හතකට පමණ පෙර මෙම වාහනය තමන් විසින් අලුත්වැඩියාව සඳහා බාර දුන් බව කියමින් එම විහාරයේම තවත් ස්වාමීන් වහන්සේ නමක් මාධ්‍යයට කරුණු පැහැදිලි කර ඇත. නාග විහාරයේ පෙර කී පැමිණිල්ල දැමූ හිමියන් සිටින අසපුවට යාබද අසපුවේම ලැගුම් ගෙන සිටින කැලණීයේ සෝරත හිමියන් කියන්නේ බෙන්ස් රථය අලුත්වැඩියාවට ගරාජයෙන් විශාල මිලක් නියම කර ඇති නිසා එම මුදල් සොයාගන්නා තුරු අලුත් වැඩියාව ප්‍රමාද කර ඇති බවකි.

මෙය පොලිසියට සිදුකළ අසත්‍ය පැමිණිල්ලක් බවද එම හිමියන් පවසා ඇත.
පන්සලේ ඇතුලේ සිටින දෙදෙනෙකුගේ සන්නිවේදනයක් නැති කම හා භේදභින්නකම නිසා පොලිසිය අනවශ්‍ය ප්‍රශ්නයකට මැදිවූ බව මෙම සිද්ධියෙන් අනාවරණය විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment