මං විමල්ගෙන් වාහන ගත්ත බව ඇත්ත - ලාල් කුලරත්න



මං විමල්ගෙන් වාහන ගත්ත බව ඇත්ත 
- ලාල් කුලරත්න (මල්ලි හරි මල්ලි)

විමල් බැලීීමට බන්ධනාගාරයට ගිය කලාකරුවන් අතර ‘මල්ලි හරි මල්ලි‘ ලෙස ප්‍රකට වූ කලාකරු ලාල් කුලරත්නද විය.
 ලාල් කුලරත්න මහතා මාධ්‍ය අමතා ඒ ගැන පවසා සිටියේ තමාගේ නමද වාහන අවභාවිතාවේ යෙදවූ බවට
ලැයිස්තුවේ ඇති බවත් තමා
වාහන ගත් බව ඇත්ත බවත්ය. නමුත් ඒ වාහන ලබාගෙන ඒ කාලයේ කළ සේවය ගැන සඳහනක් නැති බවය.
 ‘මේක කලාකරුවන් විදිහට අපි දකින්නේ තනිකර දේශපාලන පලිගැනීමක් විදිහට.මමත් වාහන ගත්ත කියල ඔය ලැයිස්තුවේ තියනවා.
හැබැයි මං කට උත්තර දීල තියනව. ඒ වාහන අරගෙන මොකක්ද කලේ කියල ඒ කාර්ය මණ්ඩලයේ හැටියට.නමුත් ඒව මොකක්වත් එළියට දාල නැහැ.අර වාහන පාවිච්චි කරා විතරක් කියල දාල තියනවා.
නමුත් අපි විශාල සේවයක් කරල තියනවා අවුරුදු 4 ක ඒ වාහන භාවිතා කරලා.
ඒකෙන් තේරෙනවා මේක තනිකරම දේශපාලන උවමනාවට කරන වැඩක්.අනිත් එක මේ ආන්ඩුවේ අනන්තවත් වංචාකරපු හොරකම් කරපු අය ඉන්නවා.ඒ ගොල්ලො නිදැල්ලෙ ඉන්නවා.මේ කේස් එකට අදාළ අයත් ආන්ඩුවෙ අනෙක් පැත්තෙ ඉද්දි අත්අඩංගුවට ගන්නෙ නෑ..‘
එම වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment