විමල් යුතුකම් ඉටුකළ හැටි ජවිපෙ කියයි

විමල් යුතුකම් ඉටුකළ හැටි ජවිපෙ කියයි
රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධ සෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා දඩුවම් ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසයි.
 
මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ මාතර, නූපේ ප්‍රදේශයේ පැවති මහගම සේකර මහතාගේ 41 වන ගුණසමරුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
විමල් වීරවංශ මහතා දේශපාලනික වශයෙන් අත්අඩංගුවට පත්වුවෙකු ලෙස හුවාදැක්වීම වැරදි සහගත බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
වීරවංශ මහතා සම්බන්ධයෙන් ‘‘ඉටු කොට රට වෙනුවෙන් යුතුකම් සිර ගෙට ගියත් කමක් නැත '' යනුවෙන්  දිවයින පුරා පෝස්ටර් අලවා ඇති බවත් ඔහු සැබෑවින්ම රට වෙනුවෙන් නොව තම පවුලේ උදවිය වෙනුවෙන් යුතුකම් ඉටු කර සිර ගෙට ගොස් ඇති බව ජයතිස්ස මහතා පැවසි ය. 
 
කෙසේ වෙතත් මාධ්‍ය ඉදිරියේ වීරවංශ මහතා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන ඥාතීන් ඔහු ආණ්ඩු පක්ෂයේ සිටින විට රාජ්‍ය දේපල භාවිත කරමින් සුර සැප විඳි අය බව හෙතෙම පෙන්වා දුන්නේය.
 
සෑබෑවින්ම රාජ්‍ය දේපල, වාහන අවභාවිත කළ අය ආණ්ඩු පක්ෂයේද, එක්සත් ජාතික පක්ෂයේ ද නොබලා දඩුවම් ලබා දිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment