අත්සන් කරන්න වරාය ගිවිසුමක් හදලත් නෑ - ජනපති

අත්සන් කරන්න වරාය ගිවිසුමක් හදලත් නෑ - ජනපති

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරයක් ඇති කිරීම සම්බන්ධව මෙතෙක් කිසිදු ගිවිසුමක් සකස් කර නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (5) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 50 වැනි සංවත්සරයට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවසීය.

සිය ආණ්ඩුව වෙනත් රාජ්‍යයන් සමඟ එකඟතා ඇතිකර ගනුලබන්නේ රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මව්බිමේ ගරුත්වයට හානි නොවන මට්ටමින් බවත් ජනාධිපතිවරයා කියාසිටියේය.

තවද තම ආණ්ඩුව තුළ රහස් නොමැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

"7 වෙනිදාට මේ ගිවිසුමක් අත්සන් කරනවැයි කියලා ඉතාම අසත්‍ය ප්‍රචාරයක් යනවා අත්සන් කරන්න තවම ගිවිසුමක් හදලා නෑ" යැයි ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment