'දිවි නැඟුම' දුන් සමෘද්ධි ආධාර නැවත ඉල්ලයි

'දිවි නැඟුම' දුන් සමෘද්ධි ආධාර නැවත ඉල්ලයි

2014 වසරේ එවකට පැවති රජය සමෘද්ධි ලාභීන්ට වැසිකිළි සදා ගැනීම සහ නිවාස අලුත්වැඩියා කර ගැනීමට බව පවසා නැවත නොගෙවීම සදහා ලබාදුන් 2500 ක මුදල් ආධාරය නැවත ඔවුන්ගෙන්ම අයකර ගැනීමට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කළ බව සමෘද්ධි කළමනාකරුවන්ට ලිඛිතව දැනුම්දී තිබේ.

ඒ අනුව රජයි විසින් දිවිනැගුම සංවර්ධන බැංකු මගින් සහනාධාර ලාභීන්ට මාසිකව ලබාදෙන මුදල් ආධාරය මාස තුනක කාලයක් නොගෙවීමට තීරණය කර ඇති අතර 2014 වසරේ ලබාදුන් 2500 ක මුදල අඩු කරගෙන ඉතිරි මුදල් ගෙවීම සිදුකරගෙන යන බව වාර්තා වෙයි.

කෙසේ වුවද මෙම තත්ත්වය නිසා තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත් සමෘද්ධි ලාභීහු කියති.

මෙම ආධාර මුදල මහ බැංකුවෙන් ලබා නොදීම නිසා සුදුසු ක්‍රමවේදයක් භාවිතා කර ප්‍රතිලාභීන්ගෙන් එම මුදල්  නැවත අයකර ගන්නා ලෙස දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න මහතාගේ අත්සනින් යුතුව දිවයිනේ සියලුම දිවිනැගුම සංවර්ධන බැංකු කළමනාකරුවන්ට ලිඛිතව දැනුම්දී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment