ඥානසාර හිමිට පොලිසිය නඩු පවරයි

ඥානසාර හිමිට පොලිසිය නඩු පවරයි

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණාසාර හිමි ඇතුළු තවත් දෙනමකට එරෙහිව ඊයේ (23) හෝමාගම පොලීසිය මගින් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය. 

දක්ෂිණ අධිවේගී මාර්ගයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට බැණ වදිමින් රජයේ දේපළවලට අලාභ හානි කළේ යැයි කියන චෝදනාවන් සම්බන්ධයෙන් එම හිමිවරුන්ට නඩු පවරනු ලැබිණි.

පසුගිය 2012 ජුනි 09 වන දින මෙම සැකකාර හිමිවරු තුන්නම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව දොරටුවෙන් අධිවේගී මාර්ගයට බලහත්කාර ලෙස ඇතුළු වී එහි ආරක්ෂාව යොදවා සිටි පොලිස් නිලධාරීන්ට බැණ වදිමින් එම ස්ථානයේ ඉදිකර තිබෙන ආරක්ෂක වැටට පහර දෙමින් රජයේ දේපළ වලට රුපියල් 60,000 ක පමණ අලාභයක් කර ඇති බව හෝමාගම පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

මෙසේ නඩු පවරා ඇත්තේ විතාරන්දෙනියේ නන්ද, ගලගොඩඅත්තේ ඥාණසාර, ඇඹිලිපිටියේ විජිත යන හිමිවරුන්ට ය. මෙහිදී ඇඹිලිපිටියේ විජිත හිමියන් අධිකරණය මග හැරීමේ චෝදනාවට එම හිමිනමට විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් එම හිමිනම නොමැති වුවත් නඩුව විභාග කරන ලෙසත් හෝමාගම මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග මහතා නියෝග කළේය. 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment