සමූහ දූෂණයක් ෆේස් බුක් ලයිව් දැමූ තරුණයින් අත්අඩංගුවට


ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ තරුණයින් තිදෙනෙකු ස්වීඩන ජාතික කාන්තාවක සමූහ දූෂණයට ලක් කිරීමේ සිදුවීමක් ෆේස්බුක් ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීම නිසා
ආන්දෝලනයක් හටගෙන තිබේ.
60000 ක පමණ සාමාජිකයින් සිටින ෆේස්බුක් ගෘප් එකක මෙම වීඩියෝව මුදාහැර තිබී ඇති අතර එය කිසිදු බාධාවකින් තොරව ප්‍රචාරය වීම නිසා මෙම ආන්දෝලනය මතුවිය.

වයස 18,20 හා 24 තරුණයින් තිදෙනා මෙම සමූහ දූෂණය ආරම්භයේ සිට අවසානය තෙක් වීඩියෝව සජීවීව විකාශය කර තිබුණ අතර පසුව එම සිදුවීම ගැන තිදෙනා එක්ව කරන විනෝද සාකච්ඡාවක්ද විකාශය කර තිබුණි.
එම සිද්ධියේ අංග ඔවුන් ස්නැප්චැට් ජාලයටද විසුරුවා හැර තිබුණි.

මේ ගැන ෆේස් බුක් නරඹන 21 හැවිරිදි තරුණියක පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ස්ටොක්හොම් උප්සලාහි තට්ටු නිවාසයක වාසය කරමින් සිටි තරුණයින් තිදෙනා පොලිස් අත්අඩංගුවට පත් විය.
ඔවුන් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් මෙන්ම මේ ආකාර සිදුවීම් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරාත්මකව සිදුකළ හැකිවීම ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කර ඇත.
පහත පළවන්නේ දූෂණ සිද්ධියෙන් පසුව තරුණයින් ඒ ගැන සාකච්ඡා කළ දෙවැනි වීඩියෝවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment