බස්වල යන මගීන්ට තවත් දඩයක්

බස්වල යන මගීන්ට තවත් දඩයක්

ප‍්‍රවේශපත‍්‍රයක් ලබානොගෙන දුරගමන් සේවා පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා මගීන්ට ද දඩ පැනවීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව තීරණය කරයි.

ඒ අනුව ප‍්‍රවේශපත‍්‍රයක් නොමැතිව ගමන් ගන්නා මගියෙකුගෙන් රුපියල් දහසක් සහ ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුව මෙන් දෙගුණයක දඩයක් අය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඊට අදාළ නීති ප‍්‍රතිපාදන මේ වනවිට සකස් කෙරෙමින් ඇති බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා පවසයි.

මගීන්ට අමතරව ප‍්‍රවේශපත‍්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට එරෙහිවද නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment