හම්බන්තොටට STF ආරක්ෂාව

හම්බන්තොටට STF ආරක්ෂාව

හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයට අද දිනයේ ත් පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා ඇති බව පොලීසිය පවසයි.

හම්බන්තොට, මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධනා කලාප ව්‍යාපෘතිය එළි දැක්වීමේ අවස්ථාව අතුරතුර ඇති වූ මෙම නොසන්සුන්තාව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 52 දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් 21 දෙනෙකු ඊයේ හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කෙරිණ.

මේ අතර ගැටුමෙන් තුවාල ලැබු පුද්ගලයින් 28 දෙනෙක් රෝහල්ගත කෙරුණු අතර පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 4 දෙනෙක් සහ පොලීසියේ 10 දෙනෙක් තවදුරටත් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment