ඇවන්ගාඩ් අධිපතිගේ විදෙස් ගමන් තහනම්

ඇවන්ගාඩ් අධිපතිගේ විදෙස් ගමන් තහනම්

රුපියල් මිලියන 35.5 ක අල්ලසක් ලබා දීම හා ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසමෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇප මත සිටින ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ෂංඛ සේනාධිපති මහතාගේ සහ හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (16) නියෝග කළේය.

ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරිණි.

මේ දෙදෙනාද ඇතුළු හත් දෙනකුට එරෙහිව බිලියන 11.4ක් රජයට පාඩු කළැයි පැවරූ නඩුවක් අධිකරණය හමුවේ ඇති අතර ඒ නඩුවෙන් සේනාධිපති සහ ප්‍රනාද්දු මහත්වරුන්ගේ විදෙස් ගමන් බලපත් නිදහස් කර තිබිණි.

එම හේතුවෙන් මේ නඩුවේ විදෙස් ගමන් තහනම් කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේය.

සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා නඩුව අප්‍රේල් තුන් වැනිදාට කල් තැබිණි.  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment