ශ්‍රී ලංකාව 'කොකාකෝලා' මධ්‍යස්ථානයක් කරයි 

ශ්‍රී ලංකාව 'කොකාකෝලා' මධ්‍යස්ථානයක් කරයි 

ශ්‍රී ලංකාව කොකාකෝලා සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සූදානම් බව එහි ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානීහු පවසති.

කලාපයේ වැඩිම කොකා කෝලා ඉල්ලුමක් ඇති ඉන්දියාව වෙත සිය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගත හැකි බවත් මෙමගින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් සේ ම රැකියා අවස්ථා රැසක් ද උදාකර ගත හැකි බවත් ඔවුහු පෙන්වා දී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

එම සමාගමේ ආසියා පැසිෆික් කලාපීය සමූහ ව්‍යාපාරයේ සභාපති ජෝන් මර්ෆි (Jhon Murphy) සහ විධායක උප සභාපති අයිරියල් ෆිනන්  (Irial Finan) යන මහත්වරුන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග පසුගිය 14 වනදා මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවක දී මෙම කරුණු අනාවරණ වූ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික ජල සම්පත් හා තේ ආශ්‍රිත නිෂ්පාදනය ප්‍රයෝජනයට යොදා ගෙන කොකා කෝලා නිෂ්පාදන කම්හල් මෙරට ඇති කර ඒවා ප්‍රති අපනයනයට ඇති ඉඩ ප්‍රස්ථා සම්බන්ධයෙන් ද ඔවුහු අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සාකච්ඡා කර තිබේ.

සිය නිෂ්පාදන සඳහා විශාල වෙළෙඳපොළක් ඉන්දියාව තුළ පවතින බැවින් ඒ සඳහා ශ්‍රී ලංකාව නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම කොකාකෝලා සමාගමේ නියෝජිතයන්ගේ යෝජනාව වී ඇත. 

විදේශ ආයෝජන සඳහා වූ බදු අනුපාත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාකරන ආකාරය පිළිබඳ උනන්දුවක් දක්වන එම සමාගම් ප්‍රධානීහු ශ්‍රී ලංකා රජය දැනට විදේශ ආයෝජකයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන මිත්‍රශීලී සබඳතාව ඇගයීමට ද ලක් කර ඇත.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment