පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරක‍්ෂක භටයාට වෙඩි තබා ඝාතනය කළැයි චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නිදහස් කරමින් කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත දමා යළි මුල සිට නඩුව විභාග කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා අද(11) අභියාචනයක් ඉදිරිපත් කළේය.
මෙම ඝාතනයට හිටපු නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙක් චෝදනා ලබා සිටියහ. ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස විශේෂ ජූරි සභාවක් දුන් තීරණය අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ලංකා ඉතිහාසයේ පළමු වතාවට මධ්‍යම රාත්‍රියේ නඩු තීන්දුව දෙමින් විත්තිකරුවන් නිදහස් කළේය.
විත්තිකරුවන් සියළු දෙනා නිදහස් කරමින් ජුරි සභාව ලබාදුන් නියෝගය දෝෂ සහිත බව සඳහන් කරමින් නීතීපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කොට ඇත.
0 comments :
Post a Comment