සීමානිර්ණය අවසන් වාර්තාව අද

සීමානිර්ණය අවසන් වාර්තාව අද

පළාත් පාලන කොට්‌ඨාස සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද (17) සවස පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා වෙත බාරදෙන බව සීමා නිර්ණ කමිටුවේ සභාපති අසෝක පීරිස්‌ මහතා පවසයි.

පංච පුද්ගල කමිටුවේ එක්‌සත් ජාතික පක්‌ෂ නියෝජිත ඒ. එස්‌. එම්. මිස්‌බාර් මහතා ඊයේ (16) සවස්‌ වන විටත් වාර්තාවට අත්සන් කර නොමැති බව ද අසෝක පීරිස්‌ මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට කමිටුවේ සභාපති වන තමා හා සිවුදෙනකු වාර්තාවට අත්සන් කර තිබෙන නිසා එක්‌සත් ජාතික පක්‌ෂ සාමාජික මිස්‌බාර් මහතා අත්සන් නොකළ ද කමිටු වාර්තාව අද (17) බාරදීමට කටයුතු කරන හෙතෙම පැවසීය.

වාර්තාව බාරදීමෙන් පසු ඒ පිළිබඳව ප්‍රකාශයක්‌ කිරීමට ද තමා අදහස්‌ කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment