පෙරහැරට අලි ප්‍රශ්නයක්

පෙරහැරට අලි ප්‍රශ්නයක්

මෙම වසරේ ප්‍රධාන පෙරහැර තුන සඳහා අලි ඇතුන් ලබා ගැනීමේදී විශාල ගැටළුවකට මුහුණ පෑමට සිදුවී ඇති බව රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී කුමාරගේ මහතා පවසයි.

පෙරහැර සඳහා පුහුණු කරන ලද අලි ඇතුන් වනජීවී දෙපාර්තමේන්තුව මඟින් අලි අනාථාගාර වෙත යොමු කර තිබීම මීට හේතුව බව ඔහු පැවසිය.

හීලෑ අලි ඇතුන් හාම්පුතුන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩී.පී කුමරගේ මහතා මේ බව සඳහන් කළේය. 

අලි භාරකරුවන් සතුව අලි 40 දෙනෙකු පමණක් සිටින අතර එයින් 10 දෙනෙකු පමණ සහභාගී කර ගැනීමට නොහැකි බවත් මේ වන විට අලි 30ක් පමණ ප්‍රමාණයකින් පෙරහැර පැවැත්වීමට සිදුවී ඇති බවත් නිලමේවරයා පැවසීය.

අවුරුදු 2ක පමණ කාලයක් වනජීවී භාරයේ අලි ඇතුන් 39 ක් පමණ සිටින බව පෙන්වා දුන් හෙතෙම එම අලින්ට යළි පෙරහැරක ගමන් කිරීමට හුරු කිරීම සඳහා යම් කාලයක් ගත වන බව අවධාරණය කළේය.

ලබන අගෝස්තු මාසයේ පැවැත්වෙන පෙරහැර සඳහා මෙම අලි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව බස්නායක නිලමේ ඩී.පී කුමාරගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment