බ්‍රිතාන්‍යයට එරෙහිව ඌව මහ ඇමැති නඩු පවරන්න යයි

බ්‍රිතාන්‍යයට එරෙහිව ඌව මහ ඇමැති නඩු පවරන්න යයි

යටත් විජිත සමයේ දී ඌව පළාතට කළ විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලා මහා බ්‍රිතාන්‍යයට විරුද්ධව නඩු පවරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

මහ ඇමතිවරයා මේ බව පැවසූයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහිදී චාමර සම්පත් දසනායක මහතා මෙසේද පැවසී ය.

“බ්‍රිතාන්‍යයන් විසින් ද්‍රෝහීන් ලෙස නම් කරනු ලැබු මොණරවිල කැප්පෙටිපොළ ඇතුළු අපේ වීරයෝ 19 දෙනෙක් දේශප්‍රේමීන් ලෙස නම් කිරිම ඌවේ අපට ලොකු අභිමානයක්. 1817-1818 නිදහස් සටන වෙනුවෙන් ඌවේ මිනිස්සු 14000ක් විතර දිවි පුදල තියෙනවා. වසර 199 කට පසු හෝ වන්දි ඉල්ලා සිටිම යුක්ති සහගතයි. ඌවට තරම් විනාශයක් ලංකාවේ වෙනත් ප්‍රදේශවලට සිදු වුයේ නැහැ‘ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment